උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී ද දෛනික විදුලි කප්පාදුව සිදු කළ යුතු යැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
එම විභාගය පවතින කාල සීමාවේ දී රාත්‍රී කාලයේ විදුලි කප්පාදු නොකරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මණ්ඩලය විසින් මේ බව දන්වා ඇත.
තාප විදුලි නිෂ්පාදනයට අධික පිරිවැයක් දරන්නට සිදුවීමත් ඊට ප්‍රමාණවත් මුදල් නොමැති වීමත් මත මෙම පියවර ගත යුතු බවද පවසන මණ්ඩලය විදුලි නිෂ්පාදයට අවශ්‍ය මුදල් ලබාදෙන්නේ නම් විදුලි කප්පාදුව සිදු නොකිරීමට හැකි බවද කියා සිටී.