”30 වෙනිදා අරින්න ඕන… වහපු එකටත් මං විරුද්ධයි පෞද්ගලිකව”-එස්.බී.

207

මෙරට කොරෝනා ව්‍යාප්තිය සහ ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (27) ත් මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් පළ කළේ ය.

මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ, ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි තමන් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වනවිට ඉදිරිපත්වන විවේචන හා මතවලට ගරුකරන බවයි.

”මිනිස්සුන්ගෙ හිත් තුළ මරණ බය හදන්න එපා.. ඒ මරණ බයටත් මැරෙනවා”

මහාචාරයවරුන් 6,000ක ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සකසන ලද බව කියන පෙත්සමක් පිළිබඳ තොරතුරු උපුටා දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, කෝරානාවලට මිනිසුන්ගේ සිත් තුළ මරණ භයක් ඇති නොකරන ලෙසත් , රටවල් සම්පූර්ණයෙන් වසා දැමීමේ තීන්දුවලට යාමෙන් තරුණයින් අතර සියදිවි හානි කරගැනීම් හා මානසික ආතතීන් වේගයෙන් වැඩිවන බවත් එම මහාචාර්යවරු අවධාරණය කර ඇති බවයි.

ඒ අනුව රටවල් සම්පූර්ණයෙන් වැසීමේ තීන්දුවලට නොයන ලෙස එම මහාචාර්යවරුන් සඳහන් කර ඇතැයි, ද මන්ත්‍රීවරයා පැවසී ය.

කෙසේ වෙතත් කොරෝනා රෝගයෙන් වැළකීමට අවශ්‍ය සියලු දේ කළ යුතු බව සිහිපත් කළ මන්ත්‍රීවරයා පැවසුවේ, ජනාධිපතිතුමා එන්නත්කරණයට ඉහළම තැනක් දී ඇති බවත් එන්නත ලබා නොගන්නා යමෙකු සිටී නම්, බලෙන් හෝ රැගෙන ගොස් එන්නත ලබා දිය යුතු බවත් ය.

පවතින තත්ත්වය මත මන්ත්‍රීවරයාගේ මතය වන්නේ රට වසා නොදැමිය යුතු ය යන්න දැයි, එහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ය.

”සුදුසු නැහැ කියලා නෙමෙයි මං කියන්නේ, ලොක්ඩවුන් කරන්න එපා කියලා…. 30 වෙනිදා අරින්න ඕන… වහපු එකටත් මං විරුද්ධයි පෞද්ගලිකව”

Source – News1st