2028 ඔලිම්පික් වලට ක්‍රිකට් තරග ඉසව්වට එක්වන කණ්ඩායම් තෝරන්නේ හැටි මෙන්න

ByPasindu

Jan 22, 2023

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී T20 ක්‍රිකට් තරග ඉසව්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් කමිටුවට නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.ඒ, අනුව පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම කණ්ඩායම් හය බැගින් ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ඇතුළත් කිරීමටයි අයි.සී.සී.යේ යෝජනාව වී ඇත්තේ.මේ අතර 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සංවිධායකයින් විසින් මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරග ඉසව්වක් ලෙස ඇතුළත් කර ගන්නවා ද යන්න පිළිබඳව අවසන් තීරණය ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.මෙම යෝජනාව ඔලිම්පික් සංවිධායකයින් විසින් පිළිගතහොත්, සහභාගී වන කණ්ඩායම් 06 පිළිබඳව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විටත් තීරණය කර අවසන්.ඒ වන විට අයි.සී.සී. කාන්තා සහ පිරිමි විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන හයේ පසුවන කණ්ඩායමේ මේ සඳහා ඉදිරිපත් කිරීමටයි තීරණය කර ඇත්තේ.