2024 දීත් මම එනවා – මෙසී පාපන්දු පිටියෙන් විශ්‍රාම ගැනීමේ තීරණය රිවර්ස් වෙයි

ByPasindu

Dec 19, 2022

2022 පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ආර්ජන්ටීනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානයෙන් පිදුම් ලැබූ ලියනොල් මෙසී පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

අවසන් මහා තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසී කියා සිටියේ තමාට ලෝක ශුරයෙක් ලෙස තවත් තරඟ කිහිපයක් අත්විඳීමට අවශ්‍යය බවයි.

මේ අනුව 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකානු කෝපා තරඟයට සහ ඉදිරි ලෝක කුසලාන තරඟාවලියට ඔහු සහභාගී වනු ඇති.

මීට පෙර 35 හැවිරිදි ලියනොල් මෙසී පසුගිය ඔක්තෝම්බර් මාසයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කාටරයේ පැවැත්වෙන අවසන් තරඟයෙන් පසු තමා ලෝක කුසලාන පාපන්දු තරඟවලට සමුදෙන බවයි.

2005 වසරේ දී මෙසී පළමුවරට ලා අල්බිසෙලෙස්ටෙ කණ්ඩායමට ක්‍රීඩා කළ අතර 2006 වසරේ දී ලෝක කුසලාන තරඟාවලියකට මුහුණ දෙනු ලැබුවා.