BREAKING NEWS
Search

2023 ක්‍රිකට් ලෝක කුසලානයට පාර කියන ICC Men’s Cricket World Cup Super League සහ ශ්‍රී ලංකාව

406

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ICC පන්දුවාර 50 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලෙස පවත්වනු ලබන ‘2020–22 ICC Men’s Cricket World Cup Super League’ තරගාවලිය සඳහා ඉන්දියාව,ශ්‍රී ලංකාව,පාකිස්තානය,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව් දේශය,දකුණු අප්‍රිකාව,අයර්ලන්තය,සිම්බාබ්වේ යන ICC හි පූර්ණ සාමාජික රටවල් 12 සහ 2015–17 ICC World Cricket League Championship තරගාවලියේ ශූරතාවය හිමිකරගත් නෙදර්ලන්තය ඇතුළුව රටවල් 13 ක් මෙම 2020–22 ICC Cricket World Cup Super League සඳහා තරඟ වදී.

ICC Men’s Cricket World Cup Super League සඳහා සහභාගී වන රටවල් 13 ටම තරගාවලිය තුළ සිටින තවත් රටවල් 8 ක් සමඟ එක්දින තරඟ 3 බැගින් යුතු තරගාවලි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර ඉන් තරගාවලි 4 ක් සත්කාරක Home ලෙසද අනෙකුත් තරගාවලි 4 සංචාර Away ලෙසද ක්‍රීඩා කිරීමට සිදු වේ.

මෙලෙස පැවැත්වෙන සෑම තරගාවලියකම එක් තරගයක් සඳහා Points 10 බැගින් ජයග්‍රාහක කණ්ඩායමටද,පරාජිත කණ්ඩායමට Points 0 බැගින්ද ලැබෙන අතර Draw හෝ Tie යන අවස්ථාවන්හි නිමවන තරග සඳහා කණ්ඩායම් 2 ටම Points 5 බැගින් හිමි වේ.ඒ අනුව තරගාවලියේ තමාට හිමි එක්දින තරග 3 කින් යුතු තරගාවලි 8 හිම සෑම තරගයක්ම ජය ගන්නා කණ්ඩායමකට තරගාවලිය අවසානයේ Points 240 ක් ((10×3)×8) ක් ලබාගත හැකිය.

ඒ අනුව ICC Men’s Cricket World Cup Super League තරගාවලිය නිමාවන විට Points Table හි මුල් ස්ථාන 8 හි (සත්කාරක ඉන්දියාව සමඟ) පසුවන කණ්ඩායම් අට 2023 ICC Men’s Cricket World Cup තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබන අතර Points Table හි අවසන් ස්ථාන 5 හි පසුවන කණ්ඩායම් පහ තවත් Associate Nation කණ්ඩායම් 5 ක් සමඟ 2022 ICC Men’s Cricket World Cup Qualifier තරගාවලිය සඳහා ක්‍රීඩා කර 2023 ICC Men’s Cricket World Cup තරගාවලියේ ඉතුරු අවසන් ස්ථාන 2 සඳහා සුදුසුකම් ලබාගත යුතුය.

ICC Men’s Cricket World Cup Super League සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ගත් විට ඔවුන්ට මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේදී ඉන්දියාව,දකුණු අප්‍රිකාව,සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් 4 සමඟද,ශ්‍රී ලංකාවෙන් පිට සංචාර ලෙස එංගලන්තය,බංග්ලාදේශය,බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ නවසීලන්තය යන රටවල් 4 සමඟද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලි ක්‍රීඩා කළ යුතුව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය සංචාරයේ එක්දින තරග 3 පමණක් ක්‍රීඩා කරමින් දඩුවම් ලකුණු -2 ක් ද ලබාගනිමින් තරගාවලියේ Points Table හි 13 වැනි ස්ථානයේ පසු වේ.

තරගාවලියට ඇතුළත් ශ්‍රී ලංකාවට හිමි ඉතිරි තරගාවලි 7 අතුරින් ශ්‍රී ලංකාවෙන් පිට පැවෙත්වෙන බංග්ලාදේශ,එංගලන්ත එක්දින තරගාවලි සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකානු,ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලි 2021 වසරේත්,ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියා,සිම්බාබ්වේ එක්දින තරගාවලි සහ ශ්‍රී ලංකාවෙන් පිට පැවෙත්වෙන නවසීලන්ත එක්දින තරගාවලිය 2022 වසරේත් පැවැත්වීමට නියමිතව ඇත.

🖋️ලහිරු රණවීර – FM & TV Sri Lanka