2021 ICC T20 ලෝක කුසලාන සත්කාරකත්වයට ශ්‍රී ලංකාවටත් ඉඩක්

212

2021 නොවැම්බර් මස ඉන්දියාවේදී පැවැත්වීමට මේ වන විට තීරණය වී ඇති 2021 ICC T20 ක්‍රිකට් පිරිමි ලෝක කුසලාන තරගාවලිය සඳහා විකල්ප සත්කාරක රටවල් ලෙස ICC ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නම් කර ඇති බව වර්තා වේ.

ඒ අනුව මේ වන විට ලොව තුන්වැනියට Covid-19 ආසාදිතයින් වැඩිම රට වන ඉන්දියාවේ Covid-19 තත්වය 2021 නොවැම්බර් වන විටත් යහපත් තත්වයට පත් නොවුණහොත් 2021 ICC T20 ක්‍රිකට් පිරිමි ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අතරිනුත් ICC පූර්ණ සාමාජික රටක් වීම, ජ්‍යාතන්තර ක්‍රීඩාංගණ සංඛ්‍යාව සහ Covid-19 වසංගතය පාලනයේ සාර්ථකත්වය යන කරුණු අතින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම හේතුවෙන් 2021 ICC T20 ක්‍රිකට් පිරිමි ලෝක කුසලානයේ විකල්ප සත්කාරකත්වය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.