2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය රටවල් ද්විත්වයකට.ඉන්දියාව ප්ප්‍රතික්ෂේප වෙයි

1678

ඔක්තෝබර් – නොවැම්බර් මාසවල පැවැත්වෙන අයි.සී.සී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට මාරු කිරීමට අයි.සී.සී ආයතනය සූදානම් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑම විටම පළමු විකල්පය වූ අතර, ඔක්තෝබර් අවසාන සතියේ ආරම්භ වන තරඟාවලිය සඳහා අබුඩාබි, ඩුබායි සහ සාජා හැරුණු විට ඕමානයේ අගනුවර වන මස්කට් සිව්වන ආදේශකය ලෙස එකතු කර ඇත.

“අයි.සී.සී මණ්ඩල රැස්වීමේදී ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසන් වරට තීරණයක් ලබා ගැනීම සඳහා සති හතරක කාලයක් ඉල්ලා අයි.සී.සී යෙන් සිටි නමුත් අභ්‍යන්තරව තමන් පවසා ඇත්තේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වීමට කටයුතු කළොත් ඊට තමන් කැමති බවයි” යැයි අයි.සී.සී ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පවසා සිටියේය.

කණ්ඩායම් 16 ක තරගාවලියේ මූලික වටයන් සඳහා ඕමානයේ මස්කට් ක්‍රීඩාංගණය සඳහා විශේෂ අවධානය යොමු කර ඇති බවත්, එමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ තුනට අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරඟ 31 කට පසුව නැවුම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගත හැකි බවත් ඔහු පැවසීය.

“ඔක්තෝම්බර් 10 වන විට අයි.පී.එල් තරගාවලිය අවසන් වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මාසයේ ආරම්භ කළ හැකි අතර එමඟින් ක්‍රීඩාංගණය සැකසීමට සති තුනක සහන කාලයක් ලබාදිය හැකි අතර පළමු සතිය ඕමානයේ පැවැත්විය හැකිය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී තත්වය කෙසේ සිදුවනු ඇත්දැයි අනාවැකි කීම ඉතා අසීරු අවස්ථාවක ඉන්දියාව සත්කාරකත්වය ගැනීමට කාලය ගත කිරීමට උත්සාහ කරන බවයි.

“ඔබ ජුනි 28 වන තෙක් කල් ඉල්ලා සිටිමින් එදිනට ලෝක කුසලාන තරගාවලිය ඔබ රටේ පවත්වනවාද යන්න සඳහා ඔබ ‘ඔව්’ යැයි පැවසුවහොත්,තුන්වන රැල්ලක් ඇතිවීමේ අවධානමක් තිබියදී ඔක්තෝම්බර් මාසයේ රට තුළ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි පළ කරන්නේ කෙසේදැයි” අයි.සී.සී ආයතනයේ ඉහළ නිලධාරියෙකු ප්‍රශ්න කළේය.

“දෙවන ප්‍රශ්නය නම්,සැප්තැම්බර් 8 වනදා ඉන්දියාවේදී කණ්ඩායම් 8 ක අයි.පී.එල් තරගාවලිය නැවත ආරම්භ කිරීමට වෙනත් රටක් තෝරා ගත්තේ නම්,රට තුළ කණ්ඩායම් 16 ක විශාල තරගාවලියක් පැවැත්විය හැක්කේ කෙසේද ?” යන්නයි.

@cricket News