2020 ආසියා කුසලාන තරගාවලිය වලිය නවතී

288

එළඹෙන සැප්තැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි කියයි.

කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් ක්‍රිකට් පිටියට උදා වූ ඉඩෝරය නිමාකරමින් දින 115 කට පසු පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය ඉයේ අරම්භ විය

කොවිඩ්-19 වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සියල්ල අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් මාර්තු මාසයේ දී තීරණය කළ අතර ඒ අනුව අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වුණේ මාර්තු 13 වැනි දායි.

ඒ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති එක්දින තරගයයි.

ඉන් දින 115කට පසු පළමුවරට අද එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර එංගලන්තයේ සදම්ප්ටන් ටෙස්ට් තරගය ආරම්භ වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පැනවූ මාර්ගෝපදේශන මාලාවට අනුකූල වෙමිනි