18 හැවිරිදි ඔන්ලයින් පෙම්වතා මවත් සමග ත්‍රිරෝද රථයකින් පැමිණ 15 හැවිරිදි පෙම්වතිය පැහැරගෙන ගිහින්.

354

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබමින් සිටින අතරේ හඳුනාගත් 18 හැවිරිදි පෙම්වතා තම මව සමග ත්‍රිරෝද රථයකින් 15 හැවිරිදී පෙම්වතියගේ නිවසටම පැමිණ ඇය පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ පෙම්වතාත් ඔහුගේ මවත් ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවිතාන මහතා නියම කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම වුයේ කර කිතුලාවේ පදිංචිකරුවන් වූ ගුලටගේ නිශාත්ත නිරෝෂණ සහ මුරුසු කල්ලි යන දෙදෙනාටය.

බාලවයස්කාර දැරියක මවිපිය භාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් පෙම්වතාටත් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මවටත් එරෙහිව දොඩම්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියක වූ මෙම දැරිය පැහැරගෙන යාම පිළිබඳව ඇගේ මව කර තිබූ පැමිණිල්ල අනුව පරික්‍ෂණ පවත් වා සැකකාර පෙම්වතා හා ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරීය වෛද්‍ය පරික්ෂණයක් සඳහා කළුතර,නාගොඩ මහ රෝහලට යොමු කරණු ලැබුවාය.

දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත උපපොලිස් පරික්‍ෂක සෝමරත්න මහතා මෙම සැකකරුත් ඔහුගේ මවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

උපුටාගැනීම – ලංකාදීප