15 හැවිරිදි දැරියගේ ‘පටිගත දර්ශන’ මුදලට විකුණලා

617

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් උපයා ගැනීම ද සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (29)කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නා.

දැරිය නිරුවත් කර එකී දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම ද එකී ජාවාරම්කරු විසින් සිදුකර ඇතැයි ද අධිකරණයට පැවසූ ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු එලෙස මුදල් ගෙවා එකී ලිංගික දර්ශන නැරඹු පුද්ගලයන් තිදෙනකුගෙන් මේ වනවිටත් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි ද අධිකරණයට සඳහන් කළ බව අද (30) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද සඳහන් කෙරුණා.

ඒ පුවත්පත් වාර්තා උපුටා දකිමින්.

ගෙවන මුදල අනුව එකී ලිංගික දර්ශන නැරඹිමට ලබාදෙන කාලය තීරණය වන බවත් විනාඩි 5 – 10 වැනි කාලයක් නැරඹීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම සඳහා රුපියල් 5000 – 8000 ක් වැනි මුදලක් අයකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට සඳහන් කර තිබෙනවා.