11 හැවිරිදි දැරියක් ඔන්චිල්ලවකට බැඳ තීබු සාරි පොටේ බෙල්ල හිරවී මි යයයි

4064

නිවෙසේ සාරියකින් බැඳ තිබු ඔංචිල්ලාවක බෙල්ල හිරවීමෙන් පසුව හුස්මගැනීමේ අපහසුතා මතුවී අවාසනාවන්ත ලෙස 11 හැවිරිදි දැරියක මියයාමේ පුවතක් දැරණියගලින් වාර්තාවෙයි.දැරණියගල,මාලිබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන මෙම දැරිය කැරොනිටා දිල්මිණි නමැති අවුරුදු 11 දැරියකි.

මි’යගිය දැරිය තම සහෝදරයන් දෙන්නා සමග නිවෙසේ නිදන කාමරයේ සාරියකින් බැඳ තිබු ඔංචිල්ලාවක් පදමින් සිට ඇති අතර පියා නිවසේ නොසිටි හා මව කුස්සියේ උයමින් සිටි අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇත.සහෝදරයින් දෙන්නා අවුරුදු 9 හා 7 වයසේ පසුවන එතරම් අවබෝධයක් නැති වයසක සිටි බව පැවසේ.අක්කාගේ ගෙල සිරවී අමාරුවෙන් ඉන්නා බවට එම දරුවන් දෙන්නා දන්වා නැත සද්ද නැති නිසා මව ගොස් බලන විට ප්‍රමාදවැඩිවී තිබුණි.

දරුවන්ගේ පියා අසල වූ මාලිබොඩ වත්තේ මුර සේවය සඳහා ගොස් සිට ඇති අතර මව කුස්සියේ ඉවුම් පිහුම් කටයුතුවල නිරත වී ඇත.මව දරුවගේ කාමරය වෙත ගොස් බලනවිට එම කාමරයේ දොර වසා තිබී ඇත.

පසුව ජනේලයෙන් මව එම කාමරයට ඇතුළු වී ඇති අතර එහි දී දැරිය සාරි ඔංචිල්ලාවේ හිර වී සිට ඇත. පසුව අසල්වාසීන්ගේ සහාය ඇතිව දැරණියගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී දැරිය මියගොස් තිබේ.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

උපුටාගැනීම – ගොසිප්ලංකා