හෝමගම කොරෝනා රෝගියාගේ සමීපතමයින් සිව් දෙනෙකුටත් කොරෝනා.

382

අද (18) දිනයේ කොරෝනා ආසාදිතයින් තවත් 04 දෙනෙකු වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් රෝගීන් ගණන 2701ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම 04 දෙනාම හෝමගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර ඔවුන් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියාගේ සමීපතමයින්ය.

මේ වන විට කන්දකඩු පොකුරෙන් රෝගීන් 515ක් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය කාරක සභා රැස්වීමෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට තීරණය කර තිබෙනවා.