හොර පාරෙන් ලංකාවට එන රූපලාවණ්‍ය ආලේපන

116

මැද පෙරදිග රටවල රැකියා සඳහා ගොස් සිටින තරුණ තරුණියන්ගේ ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන පිටකොටුව තොග වෙළෙඳපොළට රූපලාවණ්‍ය ආලේපන වර්ග ඇතුළු ශරීරයට අහිතකර ආලේපන ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.

පාකිස්තානයේ සිට මෙරටට හොර පාරෙන් රූපලාවණ්‍ය ආලේපන ගෙන්වන තොග ව්‍යාපාරිකයකු ඩුබායි සිට මේවා එවන බවද හෙළි වී තිබේ.

එම ජා වාරම්කරු පාකිස්තානයේ සිට ඩුබායි වෙත භාණ්ඩ යැවීමට භාණ්ඩ බෙදාහරින නියෝජිත ආයතනයක්ද ආරම්භ කර ඇතැයි හෙළි වී ඇත.

ඩුබායි සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ එවන අයුරින් මැද පෙරදිග සේවයේ නිරත අයගේ නමට එවන පාර්සල්, ජාවාරම්කරුවන්ගේ කොළඹ සිටින නියෝජිතයන් විසින් රේගුවෙන් මුදාගන්නා බවද හෙළි වී තිබේ. ඒ සඳහා රේගුවේ හා තැපෑලේ සිටින ජාවාරම්කරුවන්ට සහාය දෙන නිලධාරීගේද සහාය ලැබෙන බව හෙළි වෙයි.

රූපලාවණ්‍ය උපකරණවලට අමතරව චොක්ලට් වර්ග,සිගරැට් වර්ග ඇතුළු විවිධ භාණ්ඩ වර්ගද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නමින් ගෙන්වන බව හෙළි වී තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා