හෙට සිට බස් ධාවනය අඩුකරනවා – ගැමුණු විජේරත්න

214

හෙට (03) සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය 25% කින් අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසුවේ බස් රථ ධාවනය කිරීම සඳහා මාර්ගවල ප්‍රමාණවත් තරම් ජනතාවක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.