BREAKING NEWS
Search

හුස්ම ගන්න බැරිව නිවස තුළම ඇදවැටී මියගිය යක්කලමුල්ල එක්දරු පියාටත් කොරෝනා

209

හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා හදිසියේ නිවසේ දී මියගිය යක්කලමුල්ල පොල්පාගොඩ ප‍්‍රදේශයේ එක්දරු පියෙකුට මිය යාමෙන් පසුව සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයේ දී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙනියආරච්චි මහත්මිය ස`දහන් කළාය.

මෙම එක්දරු පියා ටයිල් බාස් කෙනෙකු වන අතර ඔහුට නිවස තුළදී එකවරම පපුවේ දැවිල්ලක් ඇති වී වමනය කොට ඇත. පසුව ක්ලාන්ත වී ඇදවැටී නිවස තුළදීම මියගොස් ඇති අතර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට රැුගෙනවිත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ දී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මියගිය පුද්ගලයාගේ ගම් පළාත බදුල්ල ප‍්‍රදේශයේ වන අතර ඔහු අලූ‍ත් අවුරුද්දට තම බිරි`ද හා පුතු සමග බදුල්ලේ ගොස් 26 වැනි දින නිවසට පැමිණ ඇත.ඉකුත් 30 වැනි දින මොහු නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි බිරි`දගේ සහෝදරියකගේ නිවසට ගොස් ඇත. පසුව නිවසට පැමිණ එදින රාත‍්‍රි ආහාරය ගෙන නින්දට ගොස් ඇත. අළුයම 3.30ට පමණ ඔහු පපුවේ දැවිල්ලක් ඇති බව තම බිරි`දට පවසා ඇත.බිරි`ද වතුර වීදුරුවක් ලබාදී ඇති අතර ටික වේලාවකින් වමනය දමා තිබේ.පසුව ක්ලාන්තයක් ඇති වී නිවසේ පේමන්ට් එක තුළ ඇද වැටී නිවස තුළදීම මියගොස් ඇත.

කොවිඞ් නිව්මෝනියා තත්වය හේතුවෙන් මෙම එක්දරු පියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බැව් මියගිය එක්දරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සදහන් කළාය. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරචචි ගාල්ල