හුමාලය අල්ලන්න ගිය කොරෝනා ආසාදිත දැරියක් පිළිස්සී රෝහලේ

142

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් උණු ජලය සිරුරට වැටීමෙන් රෝහල් ගතකිරීමේ පුවතක් ආණමඩුව – මැරුංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දැරිය උණු ජලයෙන් හුමාළය ඇල්ලීම සඳහා ගිය අවස්ථාවේදී ජලය සිරුරට වැටී ඇති බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

10 හැවිරිදි අදාළ දැරියට සහ ඇගේ මවට මීට දින කිහිපයකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වී අතර,වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවසේ ප්‍රතිකාර ගනිමින් සිට තිබෙනවා.

කෙසේවෙතත් ආණමඩුව රෝහලට ඇතුළත් කෙරුණු දැරියගේ තත්වය බරපතල නොවන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු කියාසිටියා.