BREAKING NEWS
Search

හිස නොමැති කාන්තා සිරුර හමුවීමත් සමග ‘තවත් අතුරුදන් වූ කාන්තාවන් රැසකගේ’ තොරතුරු හෙළිවේ

290

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව වේල්ලවීදිය පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළා,

අතුරුදහන් වූ තම දියණිය,සොහොයුරිය සහ බිරිඳ මෙලෙස මරා දමා ඇති බවට සැක මතුවීම නිසා ඔවුන් ඇමතුම් ලබාදෙමින් කරුණු විමසා තිබෙනවා.

මේ අතර වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පොලිසිය මගින් ප්‍රසිද්ධ කළ දුරකථන සඳහා ද තවත් අතුරුදහන් වූ කාන්තාවන් හයකගේ සනාථ කළ හැකි තොරතුරු ලැබී තිබුණා.