හයසින්ත් හෙට දැයෙන් සමුගනියි

12076

ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය(75) හෙට ( 04) දැයෙන් සමුගනී.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් නිෂ්පාදනය කරනු ලබන ටෙලි නාට්‍යයක රූගත කිරීමක් නිමා කොට ඉකුත් 31දා රාත්‍රී නුවරඑළිය ප්‍රදේශයේ යේ සිට වත්තල මාබෝලේ පිහිටි සිය නිවස කරා වෑන් රථයකින් පැමිණෙමින් සිටියදී තලවකැලේ ලිදුල ප්‍රදේශයේදී අනතුරකට ලක් වීමෙන් බරපතල තුවාල ලබා හයසින්ත් විජේරත්න මහත්මිය ජීවිතක්ෂයට පත් වූවාය.

වර්ෂ 1970දී රංගන දිවිය ආරම්භ කල හයසින්ත් මහත්මිය සිනමාව, පුංචි තිරය සේම වේදිකාවද වර්ණවත් කල අති දක්ෂ රංගන ශිල්පිණියකී. 1976 පෙම්බර මධු මගේ චිත්‍රපටියෙන් සිනමාවට පිවිසි ඇය එදා මෙදා තුර මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපට රාශියකට රංගනයෙන් දායකත්වය සැපයිය. එසේම මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වු ” දිමුතු මුතු”හි රංගනයට එක් වෙමින් ඇය පුංචි තිරයද දික්විජය කලාය.

සුභ සහ යස, ඒකාධිපති, මනරංජන, ජූලියස් සීසර් ඇතුළු වේදිකා නාට්‍ය රාශියකටද ඇය පණ පෙව්වාය.

හයසින්ත් මහත්මියගේ දේහය මහජන ගෞරවය සදහා අංක 25/10 මාබෝල කට්ටියාවත්ත, වත්තල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 04දා සවස 5.00 ට මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.