BREAKING NEWS
Search

හතුරුසිංහ පැවරූ නඩුවට ක්‍රිකට් ආයතනය දෙකෝටියක නීතිඥ ගාස්තු ගෙවලා

228

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කොප් කමිටු රැස්වීමේදී අණාවරණය විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට අද කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිවිය.

හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් කාලය වසර 03 ක් වුවද නියමිත කාලයට පෙර ඔහු ඉවත් කිරීමට සිදු වූයේ බලාපොරොත්තු වූ වෙනස ඔහුගෙන් සිදු නොවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාවට දැනුම් දුන්නේය.

චන්දික හතුරුසිංහ මහතා පවරා ඇති නඩුවට අදාළ නඩු ගාස්තු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට රුපියල් මිලියන 20 ක් වියදම් කර ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

අද.lk