BREAKING NEWS
Search

සෞඛ්‍ය උපදෙස් නොතකා පැවැත්වූ මංගල උත්සවයක් නිසා 15කට කොවිඩ් – පවුල් 50ට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට

214

සෞඛ්‍ය උපදෙස් නොපිළිගෙන කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ පැවැත් වූ මංගල උත්සවයක් නිසා පුද්ගලයින් 15 දෙනෙක් ආසාදිත වී ඇති අතර පවුල් 50ට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසනවා.

එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් 102 ගේ PCR පරීක්ෂණ ඊයේ (03 )සිදුකර ඇති අතර තවමත් ඒවායේ ප්‍රතිඵල ලැබී නැහැ.

කෑගල්ල,ඉඹුල්ගස්දෙනිය,රඹුක්කන මාර්ගයේ ටැංකිය වත්ත,සීරංගාපිටිය ගම්මානවල පදිංචි කරුවන් වන මොවුන් අතරින් ආසාදිත බවට හඳුනා ගත් පිරිස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව වාර්තා වනවා.