සෙනග නෑ:25%ක් බස් අද සිට ගෙදර

100

පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අද (03) සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය 25% කින් අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ බස් රථ ධාවනය කිරීම සඳහා මාර්ගවල ප්‍රමාණවත් තරම් ජනතාවක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.