සුව විරුවන්ගේ දරුවන් කියන සංවේදී කතාව

146

කොවිඩ් ආසාදිතයින් සුවපත් කිරීම වෙනුවෙන් මේ වනවිට සිය සම්පූර්ණ කාලයම කැප කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසට සිදුවී ඇත. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල දරුවන් අද නිවෙස්වල ගත කරන්නේ හුදකලා ජීවිතයකි.

“මගේ අම්මා කොවිඩ් වාට්ටුවක සේවය කරන හෙද නිලධාරිනියක්. අපි හැමදාම අම්මගෙන් අහන්නේ කීයටද ගෙදර එන්නේ කියලා. අම්මා එන දවසක් අම්මටවත් හරියටම කියන්න බෑ. කොහොම හරි ආවත්, පැය 5කට 6කට වඩා ගෙදර ඉන්න හමුබවෙන්නේ නෑ. ආපහු වැඩට යනවා. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන් ෆෝන් එකකින්වත් හරියට කතා කරන්න විදිහක් නෑ. මේ රටේ හැමෝගෙන්ම ඉල්ලන්නේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පරෙස්සම් වෙන්න කියලා. එහෙම වුණොත් අනික් ළමයින්ට වගේම අපිටත් අපේ අම්මලත් එක්ක ඉන්න ලැබේවි,”යනුවෙන් හෙද නිලධාරිනියක පුංචි දියණියක් සඳහන් කළාය.

“අපේ අම්මලා තාත්තලා අපේ ළඟ නෑ. මමයි අයියයි තනියම උයාගෙන කන්නේ. අවුරුදු එකහමාරකින් විතර අපි 4දෙනා එකට ඉඳපු දවසක් මට මතක නෑ,” යැයි තවත් දියණියක් පවසන්නීය. ජනතාවගේ සුපුරුදු ජීවන රටාව බොහෝසෙයින් වෙනස් කිරීමට මේ වනවිට කොවිඩ් වෛරසයට හැකිවී තිබේ.