සුරාජ්ගේ වෙඩින් එක ගන්න හිටියේ 18 වැනිදා,නංගි හෙදියක් වෙන්නයි හීන දැක්කේ

25997

ඥාතීන් විසින් ඔවුන්ව ගොඩ ගන්නා විටත්
ඔවුන් ජීවිතය හැර ගිහින්..!!

බඩල්කුඹුර පරෙයියන් ඇල්ල නැරඹීමට පසුගියදා (01දා) ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් ඇල්ලට වැටී දියේ ගිලී මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඔක්කම්පිටිය ගාමිණීපුර පදිංචි සුරාජ් මධුශංක ගජවීර (30) සහ ඔහුගේ සහෝදරියක වන අයේශා ගයාශානී ගජවීර (23) නැමති අයයි.

මියගිය දෙදෙනා තම පවුලේ ඥාතීන් පිරිසක් සමඟ පරෙයියන් ඇල්ල නැරඹීමට ගොස් තිබෙනවා.

එහිදී අයේශා ගයාෂානී ගජවීර නැමැත්තිය පය ලිස්සා ගොස් ඇල්ලට වැටී ඇති අතර පසුව ඇයගේ සහෝදරයා ඇය බේරාගැනීමට ඇල්ලට පැන ඇති අතර දෙදෙනාම දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඥාතීන් විසින් ඔවුන් දෙදෙනා දියෙන් ගොඩට ගන්නා විටත් මියගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර මියගිය සුරාජ් මධුශංක ගජවීර පුද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර අගෝස්තු මස 18 වෙනි දින විවාහවීමට නියමිතව තිබුණා.

මියගිය අයේශා ගයාෂානී ගජවීර අගෝස්තු මස 15 වෙනි දින හෙද පුහුණුව සඳහා බදුල්ල හෙද විදුහලට ඇතුළත්වීමට නියමිත තිබුණා.

මෙම දෙදෙනාගේ මරණ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
දිවයින