සුප්‍රකට ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මියයයි

144

සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන”බ්ලැක් පැන්තර්”චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

43 හැවිරිදි මෙම නළුවා වසර 04ක් පුරාවට පිඩා විදි පිළිකා රෝගය හේතුවෙන් අමෙරිකාවේ,ලොස් ඇන්ජලීස් හිදී ඊයේ මියගොස් තිබේ.

සුප්‍රකට”ඇවේන්ජර්ස්”ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් සිය දායකත්වය දැක්වූ Chadwick Boseman නළුවෙක් ලෙස රංගන කේෂ්ත්‍රයට පිවිසෙන්නේ ටෙලි රංගන ශිල්පියෙක් ලෙසින්ය. ඒ 2003 වසරේදී තිරගත වූ “Third Watch” නම් ටෙලි නාට්‍ය මාලාවෙනි.