සුනිල් හඳුන්නෙත්තිට මන්ත්‍රීධුරය අහිමි වේ.

256

මෙවර මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපල අනුව ජාතික ජනබල වේගයේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රථිපලය අනුව ජාතික ජනබල වේගය ජන්ද 37,136ක් ලබා ගනු ලැබුවද එම පක්ෂයට මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට අවස්ථාව උදාවුයේ නැත.

වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කළ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපතිවරයා ලෙස දුෂණ වංචා හෙලිකිරීම සහ ඊට එරෙහිව හඬක් නැගු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වුවා.