BREAKING NEWS
Search

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට

409

ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස සේවය කළ සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ.

හිරු රූපවාහිනියේ ජනප්‍රිය නිවේදකයෙකු වූ මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදේව මහතා පසුගිය කාලයේ ස්වර්ණවාහිනිය සමඟ සම්බන්ධ විය.

ඒ ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලය සුබාෂ්කරන් අලි රාජාට අයත් ලයිකා මොබයිල් සමාගම් ජාලය විසින් මිලට ගැනීමෙන් පසු ය.

මෙතෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙහි කටයුතු කළ මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වීම නිසා එයින් පුරප්පාඩු වූ එම ධුරය සඳහා සුදේව හෙට්ටිආරච්චි මහතා පත් කෙරෙනු ඇත.