සීනිගම දේවාලයේදී සිහිල් විකල් කළ සාස්තරකාරියව හොර කපුවා ගැබ් කළ විදිහ හෙළි වේ.

53

ගාල්ල සීනිගම දේවාලයට පැමිණෙන සාස්තරකාරියකගේ සිහිය විකල් කොට ඇයව හෝටල් කාමරයකට ගෙන ගොස් දූ’ෂණය කොට ඇයගේ නි’රුවත් ජායාරූප ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණ කපු මහතා ඇයගේ බඩට කොට්ට ඇන්දවා ඇයව ගැබිණියක් කළ බව හෙළිදරව් වී තිබෙනවා.

ඒ ඔහුගේ ෆේස්බුක් සමාජ ජාලවල ඔහුගේ ප්‍රචාරණ සඳහා බලහත්කාරයෙන් ඇයව යොදා ගනිමින්.

“මම අවුරුදු ගාණක් තිස්සේ ඉදන් ළමයි හිටියේ නෑ,ඒත් මම මේ කපු මහත්තයා ගාවට පිහිටක් පතා ආවා.එතුමාගේ දේව ආශිර්වාදයෙන් මම දැන් ගැබ් ගෙන තිබෙනවා” යනුවෙන් මොහුගේ බලපෑම මත තමාට බඩට කොට්ට බැදන් පැවසීමට සිදු වූ බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

මෙය ඉටු නොකළානම් ඔහු තමාගේ නි’රුවත් ජායාරූප ෆේස්බුක් හී දමන බව කියාපෑම නිසා තමාට මෙලෙස හැසිරීමට් සිදු වූ බවද ඇය පවසා සිට තිබුණා.

සීනිගම දේවාලයට නිරන්තරයෙන් පැමිණ තමාගේ බලය වැඩි කර ගැනීම සඳහා පුද පූජා තබන මෙම සාස්තරකාරියගේ වයස 30 ක්.ඇය දෙදරු මවක්ද වනවා.

මෙම කපුවා ඇය සමඟ මිතුරු වී ඉකුත් දිනෙක බීම වීදුරුවක් දී ඇයව මත්කොට සිහි විකල් කොට මෙලෙස කාමරයකට රැගෙන ගොස් තිබුණා.

කපුවා විසින් ඇයව දූ’ෂණය කොට ඇයගේ නි’රුවත් ජායාරූප ගෙන ඇයව නැවත මහ මඟ දමා ගොස් තිබුණු අතර පසුව එම ජායාරූප ඇයගේ whatsApp කොට ඇයට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී ඇයව නැවත නැවත දූෂණය කොට තිබුණා.

සැකකාර කපුවා මෙලෙස ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්ණ කෙරෙමින් සිටිනවා.

කපුවා කුරුණෑගල පදිංචි 32 හැවිරිදි අවිවාහක අයෙක් ද වෙනවා.