සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන ම…ත්කුඩු රැගෙන ගිය පෙම්වතියට වැඩ වරදී

84

අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී ම…ත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර තරුණයකු හා අලුත්ගම දුම්‍රියපොල පාරේ ගමන් ගත් කාන්තාවක් පිලිබඳ ලද තොරතුරක් මත.
එම කාන්තාව පරීක්ෂා කල පොලිස් කොස්තාපල්වරියක් එම සැකකාර කාන්තාවගේ කොණ්ඩයේ සගවා තිබූ මත්..කුඩු මිලිග්‍රෑම් හතලිහක් සමග එම කාන්තාවද ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය බේරුවල පොලිස් වසමේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බවත් සිය පෙම්වතාට ලබා දීමට මෙම මත්..ත්කුඩු සිය කොණ්ඩය තුල සගවා රැගෙනවිත් ඇති බව ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත