උතුරු නැගෙනහිර සියලු දමිල දේශපාලන පක්ෂවල සහ සංවිධානවල අස්සනින් යුතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කිරීමට කිරීමට එම පක්ෂවල නායකයන් පියවර ගෙන ඇත.
එම ලිපිය මගින් ඉකුත් යුද සමයේදී සිදුවූවේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, පිළිගත් යාන්ත්රණයක් හරහා එම විමර්ශන කටයුතු නැවත ආරම්භ කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.
මීට අමතරව ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් නව යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදරිපත් කොට සම්මත කර ගන්නා ලෙසද එම ලිපිය මගින් ඉල්ලීමක් කොට ඇත.
දැනට රට තුළ සිදු කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කණ්ඩායමක් පත් කරන ලෙසද එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා තිබේ.
මෙම ලිපියට ආර්.සම්බන්ධන්,ගජන් පොන්නම්බලම්,සී.වී.විග්නේෂ්වරන් ඇතුළු නියෝජිතයන් රැසක් අස්සන් තබා තිබීම විශේෂත්වයකි.



