එළඹෙන සතිය තුළ රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
එම සතියේ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.
ඒ අනුව අගෝස්තු 4,5,6,7 යන දින වල පාසල් වසා තැබෙනවා.
අගෝස්තු 03 දින පුර පසළොස්වක පොහොය දිනය නිසා එදිනට නිවාඩුවක් යෙදී තිබෙනවා.