සිමෙන්ති මිලේ වෙනසක්

222

සීනි,ගෑස්,කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මෙන්ම ඇතැම් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කතාබහට ලක්වන මොහොතක සිමෙන්ති කොට්ටයක මිල ද ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.

රුපියල් 950ත්,1005 ත් අතර මිලකට අලෙවි වූ,සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 1100 ඉක්මවා ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සදහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එහෙත් කිසිදු අවස්ථාවක තම අධිකාරිය සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා සමාගම් වෙත අවසර ලබාදී නොමැති බව එම ප්‍රකාශකයා කියා සිටියා.

මේ අතර,දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 කට අලෙවි කිරීමත් සමඟ පසුගිය දින කිහිපයේ ඇතැම් සතොස වෙළදසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණ.

කෙසේ වෙතත්,අදාළ වෙළදසැල් තුළ ප්‍රමාණවත් තරම් සීනි තොග නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.