සික්කුගේ එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සුදානමින්

174

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩාක සීක්කුගේ ප්‍රසන්න ද ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් සහ සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර එවරස්ට් ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත අතර සීක්කුගේ චිට්වාන් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

එවර්ස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියට අයත් කණ්ඩායම් හය අතරින් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ භයිරවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වේ.ලංකාව වෙනුවෙන් සීක්කුගේ ටෙස්ට් තරගයක්,එක්දින තරග 40ක් සහ විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇත.

උපුටාගැනීම – දිවයින