සිංහරාජයේ මගේ හෝටලය පෙන්නන්න. නැතොත් සතියක් ඇතුලත කෝටි 50ක් වන්දි ගෙවනු – යෝෂිත නඩු මගට

1119

සිංහරාජ රක්‍ෂිතයේ විශාල පරිාමාණයේ හෝටලයක් ඇතැයි තමන් සම්බන්ධයෙන් සිදු තර ඇති අසත්‍ය ප්‍රකාශයට වන්දි වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ගෙවන ලෙස දන්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා විසින් පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මෙරට සුප්‍රකට නීතිඥ සමාගමක් හරහා යොමු කර ඇති එම ලිපියේ සඳහන් වන්නේ අදාළ වන්දි මුදල දින හතක් ඇතුළත නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බව යි.

එම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටි යුතු බවත් එම ප්‍රකාශය පළ වූ සියලු මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශය ඉවත් කරවන ලෙසත් නීතීඥ සමාගම දැනුම් දී ඇත.