බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නෙලුව – ලංකාගම මාර්ගයේ සිංහරාජය ලෝක උරුම රක්ෂිතයේ සිදුකළ බව පැවැසෙන සංවර්ධන කටයුතු ජනපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
පාරිසරික සංවේදී කලාපයක ඉදිකිරීම් සිදුකිරීමේ දී වඩාත් පරිස්සමින් කළ යුතුව ඇති බවයි ඔහු සඳහන් කරා.