සෑම පන්දුවක්ම යැව්වේ සැලසුම අනුවයි – දුෂ්මන්ත චමීර

528

පිතිකරණයෙන් වුවද ලැබෙන සෑම අවස්ථාවකදීම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ප්‍රතිවාදී පිතිකරුවන්ගේ දුර්වලතා හඳුනාගෙන පන්දු යොමු කිරීමට සෑම අවස්ථාවකදීම උත්සාහ ගත් බවය. 

“මම දකුණු අප්‍රිකානු තරගාවලියෙදී ගොඩාක් උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න. කඩුලු ගන්නවාට වැඩිය. නමුත් අන්තිම මැච් එකේ තමයි මට හොඳටම පන්දු යවන්න හම්බවුණේ. IPL ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවලමයි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. ලෝක කුසලානයට පෙර මට ඒ තණතීරුවල පන්දුයවලා අත්දැකීමක් ගන්න පුළුවන්.”

“මම ආබාධයකට ලක්වුණා. මට සිදුකළ ශෛල්‍යකර්මයෙන් මාස කිහිපයකට විතර පස්සේ තමයි මම නැවතත් පුහුණුවීම්වලට එන්නේ. ඊට පස්සේ මම ක්‍රීඩා කළ පළවෙනි තරගාවලිය LPL එක. ඊට කලින් මම ක්ලබ් මැච් සෙල්ලං කළේ. මාස 7ක් 8ක් මම හොඳමට පුහුණු වුණා. LPL තරගාවලියෙන් තමයි මට මගේ දක්ෂතා අතරට පැමිණිලා කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණේ. පළවෙනි තරගයේ පන්දුවාර 4ට ලකුණු 58ක් ලබාගත්තා. ඇන්ජි අයියා තමයි කැප්ටන් කළේ. ඒ වෙලාවේ එයා මට කිව්වේ ප්‍රෙෂර් එකක් ගන්න එපා.. තව තරග තියෙනවා ක්‍රීඩා කරන්න කියලා. පසුගිය කාලයේ මම පිතිකරණ අංශයටත් ගොඩක් පුහුණු වුණා. එංගලන්ත තරගාවලියෙදිත් මට පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබුණා. ලැබෙන හැම අවස්ථාවෙදීම කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් වුණත් දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් වෙද්දි අපේ කණ්ඩායමේ පිතිකරණයත් වැඩිදියුණු වෙලා ස්ථාවර වෙලා තියෙනවා. අපි තරගයකින් පස්සේ ඒ ක්‍රීඩාකරපු විදිහ ගැන රිවිව් එකක් කරනවා. ඒකෙදි අපෙන් වුණු අඩුපාඩු, හොඳට කරපු දේවල් කතාවෙලා තමයි ඊළඟ තරගයට සූදානම් වෙන්නේ. අපි පන්දු යැවීම සැලසුමක් හදාගෙන කරන්නේ. අපි පන්දු යවද්දි පින්න ටිකක් තිබුණ නිසා තමයි යෝකර් පන්දු වැඩිය වැටුන් නැත්තේ. බෝලෙ ලිස්සන්න පුළුවන් නිසා. දසුන් එක්ක මම පාසල් කාලයේ ඉඳලම ක්‍රීඩා කළා. ඒ සහයෝගය මට ලොකු වාසියක්. දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයින්ව අධ්‍යයනය කරලා ඔවුන්ට පන්දු යවන්න ඕන විදිහ සැලසුම් කරලා තමයි සෙල්ලම් කරන්නේ. එයාලගේ දුර්වලතා අපි හඳුනගෙන තමයි ඒ සැලසුම් හදන්නේ.”