සැමියා කොරෝනා වලින් මිය ගිය බව ඇඟවීමට නිදි පෙති දී ගෙල සිරකර ම’රා දමලා

541

කොරෝනා ආසාදිතව ගිය මි’ය ගිය බවට ඇඟවීමේ අරමුණන් නිදි පෙති දී සැමියාගේ ගෙල සිර කර ම’රා දැමූ බවට සැකපිට තරුණ එක් දරු මවක සහ ඇගේ අනියම් සැමියා බවට සැක කරන තිස් හැවිරිදි තරුණයකු මෙම 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනීතා රෝෂනී පෙරේරා මහත්මිය 21 වැනිදා නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ,රත්නපුර දොඩම්පේ,මණ්ඩදෙණිය,කිරිවැල්තලාවේ වැන්දබෝනාගේ අයේෂා නදීශානි (29) එක් දරු මව සහ ඉංගිරිය පෝරුවදණ්ඩ,බොරලුගොඩ හෙලස්සගේ දක්ෂිත කල්දේරා (30) යන දෙදෙනායි.ඝා’තනයට ලක්ව තිබුණේ,රත්නපුර දොඩම්පේ,මණ්ඩදෙණිය,කිරිවැල්තා ලාවේ පාතගම අඟුරුකාරගෙ ඉන්දික සමන් කුමාර (32) යන අයයි.

ඔහු සැකකාරියගේ විවාහක සැමියාය.සැකකාරිය ඉංගිරියේ ඇඟලුම් කම්හලක සේවිකාවකි.මි’යගිය තැනැත්තා සමග විවාහ වී අවුරුදු අටක පුතෙක් ද සිටී.ඇගේ මහ ගෙදර පිහීටා ඇත්තේ ද මේ නිවෙස අසලමය.පසුගිය 20 වැනිදා ඇය සුපුරුදු ලෙස කෑමත් උයා ගෙන බැඳගෙන ඇගලුම් කම්හලේ සේවයට පැමිණ,පෙරවරු 10.00ට පමණ ඇඟලුම් කම්හලේ මානව සම්පත් අංශයෙන් ඇයව සැමියාට කරදරයක් බව දන්වා ආයතනයේ වාහනයකින් නිවෙසට ඇරලවා තිබේ.නිවෙසට ඇය පැමිණෙන විට සැමියා කාමරයක මි’යගොස් සිටිනවා දැක ඇත.

හිටි ගමන් පුද්ගලයන් මියයන්නේ කොවිඩ් ආසාදනය වීමෙන් නිසා බැවින් රැස්ව සිටි වැඩි දෙනකු සිතා සිටියේ ද ඔහු කොරෝනා නිසා මි’යගොස් ඇති බවයි.කිසිවකුත් ළං වී නැත්තේ ද ඒ නිසාය.

පුරුෂයා ගේ ලිං’ගික හිංසන සිදුවීම අඬදබරවලට හේතුව බව කියැවිණි.එහෙත් සැකකාරිය ඇය වැඩ කරන ඇඟලුම් කම්හලේම තිස් හැවිරිදි වැඩ පරික්ෂක තරුණයකු සමග මිත්‍ර සබඳකමක් පවත්වා තිබෙන බවට ද තොරතුරු පොලිස් පරික්‍ෂණවලදී හෙළි වී ඇත.ඔහුගේ මව්පියන් ද ඒ සම්බන්ධතාව දැන සිටි බව ද අනාවරණය වී තිබුණි.ගමේ සමහරු ද ඒ බව දැන සිටි බව පසුව හෙළි විය.