සැප්තැම්බර් වන විට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා – යුද හමුදාපති

399

විශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එසේම විදේශ රටවල සිට පැමිණෙන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ටද රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අද පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.