සහනයක් ඉල්ලා ක්‍රිකට් ආයතනයට දික්වැල්ලගෙන් ලිපියක්

892

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා තාවකාලික තරග තහනමකට ලක් වී සිටින කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

තමන් මේ වන විට 29 හැවිරිදි වියේ පසු කරමින් සිටින බවත් එය සෑම ක්‍රීඩකයෙකු ගේ හොදම කාලය බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.එසේම එම ලිපිය මගින් ඔහු තව දුරටත් පවසා ඇත්තේ ඒවෙනි වරදක් තමා සිදු කළ පළමු අවස්ථාව බවත් එමනිසා තමාට පුහුණු විම් සදහා හෝ අස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා තිබේ.

මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර ඇත.

දික්වැල්ල මෙම ලිපියෙහි පිටපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයහි උප සභාපතිවරු වන රවින් වික්‍රමරත්න හා ජයන්ත ධර්මදාස යන අයට හා ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා හට ලබා දී තිබේ.