සර්ට ජන්දෙ දෙන්න කියා රාජිතගේ ආධාරකරුවන් 5000 නෝට්ටු බෙදලා මාට්ටු.

245

මැතිවරණ අල්ලසක් ලෙස රුපියල් 5000 බැගින් බෙදා බෙදමින් සිටියදී බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙක් බව වාර්තාවෙයි.

පිරිස අතර සිටි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති වරයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර පළාගොස් ඇත.

පොලිස් භාරයට ගන්නා ලද මෝටර් රථය තුළ තිබී ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති ගේ ජාතික හැඳුනුම්පත සහිත මුදල් පසුම්බිය ඇතුළු ඔහුගේ යැයි සනාථ වන ලිපි ලේඛන කිහිපයක් ද සොයාගෙන ඇත.

රාජිත සේනාරත්න මහතා ඇතුළු සමගි ජන බලවේග අපේක්ෂකයන් තිදෙනකුගේ රුව හා අවංක ඇතුළත් කාඩ්පත් සමගින් රුපියල් 5000 බැගින් මුදල් බෙදා දෙමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු හා ඔවුන් පැමිණි මෝටර් රථය පෙරේදා රාත්‍රියේ බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.