සමාජ මාධ්‍ය භාවිතය ගැන ක්‍රිකට් ලෝලීන්ගෙන් ක්‍රීඩා ඇමති කළ ඉල්ලීම

323

තරග ජයග්‍රහණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ගැටලු සහ හිත් රිදීම් සිදුවුවද ක්‍රීඩකයින්ගේ මානසිකත්වය කඩා වැටෙන අයුරින් සමාජ මාධ්‍ය භාවිත නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලයි.

ගාල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අද උදේ දිව්වාම හවස් වෙනකොට ෆිට්නස් හැදෙන්නේ නෑ.අවුරුදු 5ක් ෆිට්නස් නැතුව ක්‍රීඩා කරපු ක්‍රීඩකයාට දවසෙන් ෆිට්නස් හදන්න බෑ.ඒ නිසා ප්‍රේක්ෂකයින්ගෙන් පැහැදිළිව ඉල්ලන්නේ,අපි සාධාරණ කාලයක් දෙමු ක්‍රිකට් කමිටුවට ක්‍රීඩාව නංවාලන්න.”