සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටය යුතුයි..- හර්ෂ

208

සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මිනිස්සුන්ට ආදරය කරන නිසා කිසිවකුගේ අයිතිවාසිකම් කිසිම රටක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවද ඒ මහතා කියා සිටී.

වෛරය,වෙනස්කොට සැලකීම සහ නොදනුවත් කමට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාටම කාර්යභාරයක් ඇතැයිද ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම අදහස් පළ කර ඇත.