සමගි ජන බලවේගයෙන් නව සන්ධානයක්.. නායකත්වය සජිත්ට

299

සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ සියල්ල එක්කොට සමගි සන්ධානය නමින් අලුත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කරන බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එය පාලනය කරනු ලබන්නේ නායකත්ව මණ්ඩලයක් මගිනි.එහෙත් නව සන්ධානයේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සිහළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ මෙහි ප්‍රධාන සාමාජික පක්ෂ වෙයි.අවශ්‍ය නම් එ.ජා.ප.යටත් මෙහි සාමාජිකත්වය ලබාගත හැකි යැයි ඔහු අවධාරණය කළේය.ඉතා ඉක්මනි න් නව දේශපාලන සන්ධානය ස්ථාපිත කළද සමගි ජනබලවේගය එහි ප්‍රධාන සාමාජික පක්ෂය ලෙස වෙනම පවත්වාගෙන යෑමට නියමිතය.