BREAKING NEWS
Search

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකුත් නිරෝධායනයට

730

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් නිරෝධායනය කර PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති කාර්යාලය ප්‍රකාශ කළේ,සිසු සිසුවියන් 20 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

ගම්පහ කොරෝනා වෛරසය ආසාදිතයින් වෙසෙන ප්‍රදේශ වලින් පැමිණෙන සිසු සිසුවියන් පිරිසක් මෙලෙස පරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු ඔවුන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව උප කුලපති කාර්යාලය සඳහන් කළා.

මේ අතර,සබරගමුව විශ්වවිද්‍යාලයේ නිරෝධායනය වන සිසු සිසුවියන් සඳහා නිරෝධායන ස්ථාන සකස් කර තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය එම විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම් දී තිබෙනවා.