සඳුදා සිට පෞද්ගලික බස් ගාස්තු ඉහළට

787

දැනට රුපියල් 12ක් වූ අවම බස් ගාස්තුව ලබන සදුදා දිනයේ සිට රුපියල් 20ක් දක්වා ඉහළ දමන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අවධාරණය කරනවා.

මෙය සාමාන්‍ය පෞද්ගලික බස් රථ ගාස්තු, සුඛෝපභෝගී බස් රථ ගාස්තු හා සමාන මට්ටමට ගෙන එන බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙම බස් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව අනුමැතිය ලබා නොදුනහොත් බලෙන් මගීන් ගෙන් ගාස්තු අය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ceylon24/7