සදුදා රට අරින්න බෑ..යලිත් සති දෙකක් සම්පූර්ණ වසා දැමිය යුතුයි…

185

පවතින තත්ත්වය මත එළඹෙන 14 වැනි සඳුදා සංචාරණ සීමා ඉවත් කිරීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සංචරණ සීමා පනවා තිබුණද ජනතාව විශාල පිරිසක් සංචාරණ සීමා නොතකා දෛනිකව නිවසෙන් බැහැරව යන නිසා මෙම තත්වය උදාවී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මේ තත්ත්වය මත අත්‍යවශ්‍යම කටයුතු පමණක් සිදු කරන ආකාරයට සති දෙකක් සංකරණ සීමා පැනවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

මුලාශ්‍ර LankaCNews