20 වෙනිදා කැඳවනු ලබන නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සිව් දෙනෙකු අතර යම් තරගයක් ඇතිවී තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හසීම්,චම්පික රණවක,හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අතර මෙම තරඟය ඇතිවී තිබේ.
මෙම ධුරය ලබා දෙන්නේ කාට දැයි මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.