BREAKING NEWS
Search

සජිත් පැරදිච්ච එක හොදයි – හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

1278

ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වීම හොද දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් දැවැන්ත චරිතයක් ලෙස පෙන්නාගෙන සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකි වූ බවකි.

එසේ නොවූයේ නම් තවමත් මේ රටේ ජතාව ගෝඨාභය මහතා වැඩකාරයකු ලෙස සිතාගෙන සිටින බවද මන්ත්‍රීවරයා කීය.

‘දිනමු’වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.