සජිත්-ජලනි රෝහලෙන් පිටව යයි:ගෙදරට යන්න කලින් ගංගාරාමයට! (PHOTOS)

124

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිනිය අද (11) දින කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

කොරෝනා අසාදිතව ප්‍රතිකාර ගැනීම සදහා රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිණිය පුර්ණ සුවය ලබා අද දින (ජූනි 11) රෝහලින් පිටව යන ලදී.

පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායකතුමා සහ මහත්මිය සුවපත් වීමෙන් පසුව මෙලෙස තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.

මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ,පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ,පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ,ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූහ.

විපක්ෂ නායකතුමන් හට නිදුක් නීරෝගී සුවයෙන් ඉදිරි සියලු කටයුතු කිරීමේ වාසනා ශක්තිය ලැබේවායි මහා සංඝරත්නය ආශිර්වාද අනුශාසනා කරනු ලැබූහ.