මනාලයා සහ මනාලිය පළාත් දෙකක සිටිනම් ඒ අය සඳහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එමෙන්ම ඒ අනුව මනාලයාගේ හා මනාලියගේ දෙමව්පියන්ටද අවසර හිමිවනු ඇති.
මාර්ග බාධකවල සිටින නිලධාරීන්ට මේ බව සනාථ කිරීමකින් පසු ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් අජිත් රෝහණ මහතා පවසන්නේ.