සංගක්කර දිහා බලන් මම ඔහුව අනුගමනය කලා. ප්‍රථම ඉනිමේ වැඩිම ලකුනු ලාභියා ඔලී පෝප් කියපු දේ.

188

සත්කාරක එංගලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩාය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසී එංගලන්ත පිළ ප්‍රථම ඉනිමට සියල්ලන් දැවී රැස්කරගත් ලකුනු සංක්‍යාව 369 ක්.අනර්ඝ ඉනිමක් දියත් කල 22 හැවරදී ඔලී පෝප් ලකුනු 91 ක් රැස්කලේ පන්දු 150 කට මුහුණ දෙමින් ඔහුගෙ එම ඉනිමට හතරේ පහරවල් 11 ක් ඇතුලත්ව තිබුනා.

මෙලෙස 60.67 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමින් පිතිකරණයේ නිරතවූ ඔලී පෝප් පිළිබඳව ඉතාමත් සුබවාදීව අදහස් ප්‍රකාශ කිරීමට විචාරකයින් කටයුතු කර තිබුනා.

දිනයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිය පිතිකරණ රටාවේ ගුණාත්මක භාවය පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් ඔලී පෝප් පවසා සිටියේ තමා පන්දුවට පහර දෙන සෑම අවස්ථාවකදීම නිලකුණු පන්දුවාර ක්‍රීඩා නොකරමින් ක්‍රීඩා කිරීමට උත්සහ දරණ බවක් විශේෂයෙන්ම ඉනිම ආරම්භයේ දී එය ඉතාම ප්‍රයෝජනවත් වන බව ඔහු සඳහන් කොට තිබුණා.තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුනේ

කුමාර් සංගක්කාර සමගින් සරේ ප්‍රාන්තය නියෝජනය කිරීමට ලැබීම තමා ලද ඉහළම භාග්‍යයක් බවත් එහිදී කුමාර් සංගක්කාර ඔහු මුහුණදෙන ප්‍රථම පන්දුවටම කෙටි ලකුණක් ලබා ගනිමින් අනෙක් අන්තය කරා ගමන් කිරීමට නිරතුරුවම ක්‍රියා කළ බව තමා නිරීක්ෂණය කළ බවත් එමගින් පන්දු යවන්නා වෙත පෙරළා පීඩනයක් එල්ල කිරීමට හැකියාවක් ඇති බව තමා දුටු බව පොප් වැඩිදුරටත් සදහන් කොට සිටියේය.